more
Image
පොලිස් කොමිසමේ ලේකම් ඉවත් කළේ පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලූ නිසයි!
2018-03-21
icon
icon
icon
 කොන්ත්‍රාත් පදනම මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ධූරය දැරූ ආරියදාස කුරේ මහතා එම තනතුරෙන් ඉවත් කොට ඇත්තේ පසුගිය දා තෙල්දෙණිය හා දිගන ඇති වු ගැටුම් සම්බන්ධයෙන් පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබද පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලු නිසා බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අවධාරණය කරයි.   ජාතික පොලිස් කොමිෂන් සභාව තෙල්දෙණිය ගැටුම් පිළිබදව ස්වාධීන විමර්ශනයක් සිදුකිරීමට උත්සහ දැරීම  වලක්වා ගැනීමට දේශපාලන නායකත්වයේ බලපෑම මත ලේකම්වරයා ඉවත් කිරීම සිදුව ඇත.
 
පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල්දෙණිය හා දිගන ගැටුම් උත්සන්න වූ බව මේ වන විට විවෘත රහසකි.   කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් ගැටුමට පසුදින මේ පිළිබද අදහස් දැක්වූ අතර සිද්ධියේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබද විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.  ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, හලීම් යන අමාත්‍යවරුන් ද, පා.ම. දිළුම් අමුණුගම හා යුධ හමුදාපතිවරයා ද පැවසූවේ පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් ගැටුම් වර්ධනය වූ බවයි.
 
ප්‍ර‍හාරය වර්ධනය වන තෙක් පොලීසිය එයට ඉඩ දී බලා සිටි බවට පොදු මතයක් රට තුල පවතින අතර මේ පිළිබද පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි. (කැෆේ සංවිධානයේ ඉල්ලීම මේ සමග අමුණා ඇත) අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද පොලිසියට චෝදනා කර තිබුණි.  පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා මේ පිළිබද පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඒ පිළිබද ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ගේ නොකැමැත්ත පළ වී තිබුණි. මෙම අර්බුදය හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බව ද, අප වෙත දැනගන්නට ඇත. 
 
දේශපාලන අතපෙවීම් හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පීඩනයකට ලක්වී ඇති අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සභාපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලන අවශ්‍යතාව මත එහි කටයුතු සිදුවන බවට චෝදනා එල්ල විය. දිගු කලක් සැගවී තිබූ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත එල්ලවන දේශපාලන බලපෑම් පිළිබද ආරියදාස කුරේ මහතා ඉවත් කිරීමත් සමග සමාජ අවධානය යොමුවී ඇත.  ස්වාධීන කොමිෂන් සභා සදහා එල්ලවන බලපෑම් පිළිබද සමාජ කතිකාවක් ආරම්භ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.
 
 

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img