more
Image
පූර්ව මැතිවරණ සමය සාපේක්ෂව සාමකාමීයි
2018-02-10
icon
icon
icon

 පූර්ව මැතිවරණ සමයේ කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති සමස්ථ සිදුවීම් ප්‍රමාණය 375 කි. මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා 96 ක් ද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්  279 ක්ද වාර්තා වී තිබේ.

 
මෙරට මැතිවරණ ඉතිහාසය තුළ වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත්වන  මෙම ඡන්ද විමසීම   සඳහා අපේක්ෂකයින් 52000 කට අධික පිරිසක් ඉදිරිපත්ව  සිටිති.දිවයින පුරා පළාත් පාලන ආයතන  340 ක් සඳහා සභිකයින් තෝරා ගැනීමට මෙම ඡන්ද විමිසීම පැවැත්වෙයි.
 
2012 අංක 22 දරණ සංශෝධිත පනත් සංශෝධනය මඟින් මෙම නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. මෙම ක්‍රමය යටතේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 60% ක්  එනම් ආසන 5092 ක්  සඳහා කොට්ඨාස  ක්‍රමය යටතේ තෝරා ගන්නා  අතර ඉතිරි 40% එනම් ආසන 3394 ක් සඳහා නියෝජිතයින් තෝරා ගැනීම සමානුපාතික ක්‍රමය යටතේ සිදුවෙයි. මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 15,760,867 කි. එයින් 48.6% ක් පිරිමි වන අතර 51.4% ක් කාන්තාවන්  වෙයි.
 
මෙවර පූර්ව මැතිවරණ සමය පිළිබඳව සලකා බැලීමේදී පැවති අනිකුත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මෙවර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අඩු ස්වභාවයක් දක්නට ලැබෙන අතර  ප්‍රචණ්ඩ ක්‍රියා වල සාහසික බව සහ දේපළ හානි සිදු කිරීමේ පරිමාව පහළ මට්ටමක පැවති බව සඳහන් කළ හැකිය.  පූර්ව මැතිවරණ සමය තුළ අපේක්ෂකයින් 40දෙනෙකුට අධික සංඛ්‍යාවක්  පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර  ආණ්ඩු පක්ෂය , විපක්ෂය සහ අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින් මෙලෙස  විවිධ සිද්ධි සඳහා අත් අඩංගුවේ පසුවූහ.
 
වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ නැගෙනහිර පළාතෙනි. නමුත් එම ප්‍රචණ්ඩ ක්‍රියා අතර සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවූ අතර හුදකලා සිදුවීම්  පමණක් වාර්තා විය. මැතිවරණ නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක වීමේ තත්වයක් දක්නට ලැබුණු අතර පොලිසිය සහ මැතිවරණ කොමිසම සිය රාජකාරි නිසි පරිදි ඉටු කළ ස්වභාවයක් දැකිය හැකිය.
 
මෑත ලංකා ඉතිහාසයේ පැවති වඩාත්ම සමකාමී ඡන්ද විමසීම මෙය වෙයි.  ප්‍ර‍චණ්ඩක්‍රියාවන් හි ස්වරූපය හා දේපල හානිවීම් ඉතාමත් පහත මට්ටමක පැවතුණි.  මේ වන විට ප්‍ර‍චණ්ඩ ක්‍රියා සදහා සම්බන්ධ වූ පුද්ගලයින් 56 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. නීතිය ක්‍රියාත්මකවීම ඉහළ මට්ටමින් පැවතීම තුල මැතිවරණ නීති ආරක්ෂා වී ඇත.
 
මේ දක්වා වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ නැගෙනහිර පළාතෙනි. එයින් බහුතරයක් සංවිධානාත්මක නොවන හුදෙකලා සිදුවීම් වීම විශේෂත්වයකි.  
 
2018 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත්  කැෆේ සංවිධානය දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මැතිවරණ නිරීක්ෂකයින් 5000 කට අධික පිරිසක් යෙදවීමට නියමිත ය.   නව මැතිවරණ ක්‍රමයට අනුව ස්ථාපිත කෙරෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ද මැතිවරණ නිරීක්ෂණ කටයුතු  සඳහා  කැෆේ සංවිධානය කටයුතු යොදා ඇත. 
 
 
 
කැෆේ මාධ්‍ය ඒකකය
 
2018 පෙබරවාරි මස 10 වැනිදා

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img