more
Image
ඡන්දදායකයින්ගේ පෙත්සම පළාත් පාලන ඡන්ද විමසීම කල්දමා ගැනීම සදහා උපක්‍ර‍මයක්?
2017-11-16
icon
icon
icon

 ඡන්දදායකයින් 6 දෙනෙකු විසින් සීමා නිර්ණය පිළිබද සමාලෝචන කමිටුවේ වාර්තාව  ප්‍ර‍තික්ෂේප කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් වූ පෙත්සම පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා වන අලුත්ම උපක්‍ර‍මය ලෙස  සැලකිය හැකිය. 

අශෝක පීරිස් මහතා ගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවේ වාර්තාව බල රහිත කරන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා ඇත්තේ 2017 නොවැ. 10 දින ය.  එහි පැමිණිලිකරුගේ පිටපත පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයට 2017 නොවැ. 13 දින ලැබී තිබුණි. පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම නඩුව නොවැ. 13, 14, 15 දිනයන් ගෙන් එකක විභාගයට ගන්නා ලෙස ය.  

පුදුමයකට මෙන් මෙම නඩුවේ වගඋත්තරකරුවන් බවට පත් කොට ඇති පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් හෝ අමාත්‍යවරයා  මෙම නඩුව පිළිබදව 2017 නොවැ. 15 දින දහවල් දක්වා නීතිපතිවරයාට දැනුම්දීමක් සිදු කර නොතිබුණි.   
 
එයටත් වඩා පුදුමය වී ඇත්තේ නොවැ. 13 දින පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරිණී ගයනී මහත්මිය  විදේශගතවීමය.  (පළාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍ර‍යට අමාත්‍යවරයා අත්සන් තිබීමෙන් පසුව මුද්‍ර‍ණාලයාධිපතිවරයාගෙන් එහි සොදු පත් ඉල්ලා සිටි කමල් පද්මසිරි ලේකම්වරයා ද මෙලෙසම විදේශගත වූයේ සෝදුපත් බැලීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් තොරවය. )  ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා සහ කමල් පද්මසිරි ලේකම්වරයා පමණක් වගඋත්තරකරුවන් කර ඇති මෙම නඩුව පිළිබද අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් පවා ඊයේ වන තුරු කිසිවක් දැන නොදනී. 
 
මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස කටයුතු කරන්නේ ශ්‍රීලනිප යේ එක් කණ්ඩායමක් සමීපව ඇසුරු කරන මහනුවර, හාලිඇළ, ඇඹිලිපිටිය, දෙණියාය පදිංචිකරුවන් ය.  
 
මෙම නඩුවෙන් ඉල්ලා ඇත්තේ අශෝක පීරිස් සීමානිර්ණය සමාලෝචන කමිටු වාර්තාව මත පදනම්ව ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා විසින් ප්‍ර‍කාශ කරන ලද 2017 පෙබ. 17 ගැසට් පත්‍ර‍ය අවලංගු කරන ලෙසයි.  අශෝක පීරිස් කමිටුවට බහු ආසන ඇති කිරීම, වෙනස් කිරීම සදහා බලයක් නොමැති බව පෙත්සමින් කියවේ. 
 
අශෝක පීරිස් කමිටු වාර්තාව නිකුත්වී මාස 9 ක් ගතවීමෙන් පසුව ඉදිරිපත් වූ මෙම පෙත්සම ඡන්දදායක අයිතිය සුරැකීමට වඩා ඡන්ද කල් දමාගැනීමේ උත්සාහයකට වඩාත් සමීප බවට ඇති මතය බැහැර කළ නොහැකිය.  
 
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය 
2017 නොවැම්බර් 16
 

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img