more
Image
“30% කාන්තා නියෝජනය නමට විතරයි , රජය කාන්තා සංවිධාන ඇන්දුවා “ - කැෆේ කියයි
2017-09-25
icon
icon
icon

 30% ක කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා සිදු කළ බව කියන පළාත් සභා පනතේ සංශෝධන තුල කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන පමණක් නොව සමස්ථ රාජ්‍යයම දැවැන්ත රැවටීමකට ලක් කොට ඇත.  මෙම පනත් සංශෝධනයේ ප්‍ර‍කාශිත අරමුණ 30% ක කාන්තා නියෝජනය නාම යෝජනා සදහා සහතික කිරීමය.  නමුත්, යම් නාමයෝජනා පත්‍ර‍යක නියමිත 30% කාන්තාවන් ප්‍ර‍මාණයක්  ඇතුලත් නොවේ නම් නාම යෝජනා පත්‍ර‍ය ප්‍ර‍තික්ෂේප කිරීම සදහා කිසිදු ප්‍ර‍තිපාදනයක් පනතේ සංශෝධනවලට ඇතුලත් කොට නොමැත. ඒ අනුව, ප්‍රායෝගිකව එවැනි නාම  යෝජනාවක් ප්‍ර‍තිකේෂප කිරීම තේරීම්භාර නිලධාරියාට හැකියාවක් නොමැත.  30% කාන්තා නියෝජනය තමන්ට හිමිවී ඇතැයි සිතා පළාත් සභා පනත සංශෝධන කිරීමේ ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ව්‍යවහාරය පිළිබද මුනිවත රකින කාන්තා සංවිධාන හා සිවිල් සංවිධාන තමන් දැවැන්ත රැවටිල්ලකට හසුවී ඇතැයි මේ දක්වා අවබෝධ කොට ගෙන හෝ නොමැත.

 
පළාත් සභා පනත පස්සා දොරන් සම්මත කර ගැනීමට කටයුතු කළ පිරිස් තම උත්සාහය ජනතා ගත කිරීමට උත්සහ දැරුවේ ‘සියලු පළාත් සභා එකම දිනක මැතිවරණ පැවැත්වීම‘ යන සටන් පාඨයට ගොනු කරමිනි.  පාර්ලිමේන්තුවේ පස්සා දොරින් සම්මත වූ සංශෝධනය තුල සියලු පළාත් සභා එකම දිනක පැවැත්වීම සදහා කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිය.  එපමණක් නොව, පැහැදිලි හා ස්ථිර ලෙසම පළාත් සභා කඩින් කඩ (අවම වශයෙන් අවස්ථා දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක දී) පැවැත්වීමට සිදු වේ.
 
මෙම පනත් සංශෝධනය මගින් ඇතිකර ඇති තාක්ෂණික ගැටළු සහ මැතිවරණ ව්‍යහාරයේ ඇති නොගැලපීම්  (උදා- ඇප මුදල් තැන්පත් කිරීම) පිළිබද සංශෝධන දුසිම් ගණනක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීම සදහා නුදුරේම ඉදිරිපත් විය යුතුව ඇත.  පසුගිය පළාත් පාලන පනතේ සංශෝධන සැලකීමේ දී, ඒ සදහා වසර ගණනාවක් ගතවිය හැකිය.  පළාත් පාලන ඡන්දය ලෙසම පළාත් සභා ඡන්ද විමසීම ද හැකි උපරිම කාලයක් කල් දමා ගැනීමේ උත්සාහයට රජය නිරත වේ. 
 
ඒ සදහා දැනට පවතින ජාතික සීමා නිර්ණය කමිටුවට පරිබාහිරව අලුතෙනින් ‘සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම‘, පළාත් සභා පනතේ හදිසි ව්‍යවස්ථා විරෝධී සංශෝධනය හේතුවෙන් ඇති කළ නොගැලපීම් ‘නිවැරදි කිරීම‘ සදහා තවත් විශාල සංශෝධන සංඛ්‍යාවක් ගෙනඒමට රජය අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img