more
Image
රනිල් - රවී පැටළුණු බැදුම්කරය නිසා යහපාලනයට පළාත් පාලන - පළාත් සභා ඡන්දය පවත්වාගන්න බැරි තත්වයක් උදා වෙලා.
2017-08-05
icon
icon
icon

 වත්මන් යහපාලන රජයට පළාත් පාලන හා පළාත් සභා ඡන්දය පවැත්වීමට බැරි තත්වයක් උදා වීමට රවී - රනිල් පැටළුණු බැඳුම්කරය ද හේතුවක් වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියය. සියලු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඒකාබද්ධව අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා කියා සිටියේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් මැතිවරණ පැවැත්වීම සඳහා සැබෑ බලපෑමක් සිදු නොකරන බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය අවශ්‍ය නීති රීති සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ දින දෙකක පමණ කාලයක් බවයි. එසේ තිබියදී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය සහ පැහැදිලිවම ප්‍රකාශ නොකළද ද්‍රවිඩ ජාතික සන්ධානය පවා මැතිවරණ කල්දමා ගැනීමේ උත්සාහක නිරත බවට හෙතෙම චෝදනා කළේය. නුගේගොඩට, ගෝල්ෆේස් පිටියට ලක්ෂ ගණන් ජනතාවක් ගෙන්වීමට තරම් බලයක් සහිත දේශපාලන පක්ෂ මැතිවරණ පවත්වාගැනීම සඳහා ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීමට පමණක් සීමා වීම කණගාටුවට කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට දේශපාලන ඉතිහාසය ගත් කළ මැතිවරණ සිතියම හකුළා දැමූ සෑම අවස්ථාවකම එය කෙළවර වී ඇත්තේ දරුණු ප්‍රතිවිපාක ඇතිවීමෙන් බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම රජය බලයට පැමිණ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට පොරොන්දු වීමෙන් බැවින් පෙර පැවති ආණ්ඩු මෙන් නොව වත්මන් යහපාලන රජයට මැතිවරන කල් දැමීමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද පෙන්වා දුන්නේය. වත්මන් රජය මේ සැරසෙන්නේ මීළග ජනාධිපතිවරණය වනතෙක් සියලු මැතිවරණ කල්දැමීමට ද? යන ප්‍රශ්නයට රජය විසින් සෘජුව පිළිතුරු ලබාදිය යුතු බව තෙන්නකෝන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img