more
Image
ඇමති ෆයිසර් මුස්තාෆා පළාත් පාලන මැතිවරණ සිතියම තවත් මාස 3 කට අකුළයි.
2017-07-03
icon
icon
icon

 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් පත්‍ර‍යක් මගින් තවත් මාස 3 ක කාලයක් සදහා කල් දමා ඇත.  අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම කල් දැමීමට අදාළ ගැසට් පත්‍ර‍යට අත්සන් තබා ඇත. 

 

පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති අතර මෙය ලැජ්ජා සහගත ලෙස මැතිවරණ සිතියම අකුලා දැමීමක් බව මෙය හෙළා දකින  කැෆේ සංවිධානය ප්‍ර‍කාශ කරයි.  අදාළ පනත 2017 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වීමට නියමිත තිබූ අතර එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබූවේ 2017 අප්‍රේල් 7 දින යි.
 
යහපාලන රජය මැතිවරණ සිතියම අකුලා දැමීමට කොපමණ කටයුතු කළ ද, ඔවුන්ට අවධාරණය කළ යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයකින් තොරව කල් දැමිය නොහැකි බවයි.  මෙයට පෙර ද කැෆේ සංවිධානය අනාවරණය කළ පරිදි, පළාත් සභා 3 ක මැතිවරණ කල් දැමීමට ද,  මේ වන විට යහපාලන රජය ලැජ්ජා නැති උත්සාහයක රජය නිරත වෙමින් සිටී.  පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 1 දිනට කල් දැමීමත් ඔක්තෝබර් 2 දින පළාත් සභා 3 ක ඡන්ද විමසීමට ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබීමත් අහම්බයක් නොවන බව කැෆේ සංවිධානයේ විශ්වසය යි. 
 
ලංකාවේ මැතිවරණ සිතියම අකුලා දැමීමටට කොරතම් උත්සහ කළ ද, 2019 නොවැම්බර් හෝ දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කල් දැමීමේ සකලවිධ උපක්‍ර‍ම සදහා යොමු වෙමින් සිටින පාර්ශව වෙත අප අවධාරණය කළ යුතුව ඇත.
 
ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා අත්තනෝමතික අයුරින් පළාත් පාලන මැතිවරණ කල්දැමීම සිදු කළ ද, මැතිවරණ කොමිෂන් සභාව නියමිත පරිදි 2017 ඔක්තෝබර් 2 නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම සදහා වන ගැසට් නිවේදනය ප්‍ර‍කාශයට පත් කරනු ඇතැයි කැෆේ සංවිධානය විශ්වාසය පළ කරයි.  
 
කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
                                                                                         2017 ජූලි 2

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img