more
Image
ජගත් කාන්තා දිනයේ 25% නියෝජනය නැති කරන්න ඇමතිවරු කර ගහලා.
2017-03-07
icon
icon
icon

 ගෙවී ගිය දශක 50 යේ ලංකාව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කේෂ්ත්‍රයේ ලැබූ එකම තීරණාත්මක ජයග්‍රහණය පලාත් පාලනයේ 25% ක කාන්තා නියෝජනය යි.  මෙවර  ජාත්‍යන්තර කාන්තා දිනයෙන් අප සමරන්නේ එම ඓතිහාසික ජයග්‍රහණය ආපසු හැරවීමට වලිකන අමාත්‍යවරුන් රැසකගේ ‘මානව විරෝධී’ දේශපාලන ව්‍යවහාරයන් සමගයි.  ‘කාන්තාවගේ දුක් කදුළු විකුණා බලයට පැමිණි කොළඹ සහ කදුරට පිරිසක් අද 25% කාන්තා නියෝජනය ඉවත් කරමින් සමානුපාතික මැතිවරණයකට රට ගෙනියන්න උත්සහ කරනවා’ යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.  

 

යුරෝපයේ බොහෝ රටවල් කාන්තාවන්ට ඡන්ද අයිතිය ගැන කථා කරන්නටත් පෙර, 1931 දී ලංකාවේ කාන්තාවට සර්වජන ඡන්ද බලය හිමිවුණා.  ඉන් වසර තිහකට පසුව ලෝකයේ පළමු අගමැතිනිය බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.   නමුත් අද ලංකාවේ මහජන නියෝජිතයින් අතුරින් 5% ක් වත් කාන්වන් නොවේ. 2016 වසරේ ජගත් කාන්තා දිනයට සැමරුවේ 25% කාන්තා නියෝජනය ඉදිරියට දමමින්. අද 25% ත් නෑ. ඡන්දත් නෑ.  ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයත් නෑ යැයි තෙන්නකෝන් මහතා පැවසීය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ දී ද කාන්තා නියෝජනය ඉහළ නැංවීමට යෝජනා ගණනාවක් ඉදිරිපත් විය. ඒවා කෙටුම්පත් අවස්ථාවේ තිබිය දී පුළුල්  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නම් පුරුෂ මුලික ප්‍රතිපත්ති තීරකයින් විසින් කාන්තා මහජන නියෝජනය ඉහළ නැංවීමේ බලාපොරෝතුව අඩපණ කළේය.   
 
අද, ජාත්‍යන්තර කාන්තා දිනය සමරණ අවස්ථාවේ දී, මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිහිපයක්ම පලාත් පාලනයේ කාන්තා නියෝජනය 25% අහෝසි කරන්නට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටී. නාම යෝජනා දෙන්න කාන්තාවන් හොයාගන්න බැරි පක්ෂයක් රටක් පාලනය කරන්නේ කෙසේද?  පසුගිය වසරේ ජගත් කාන්තා දිනයේ වීරයින් අද දුෂ්ඨයාගේ භුමිකාව රගපානවා.  පලාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය 5% ක් වත් තහවුරු නොවන පැරණි දුෂිත සමානුපාතික ක්‍රමය නැවත ඔවුනගේ බලාපොරොත්තුවයි. 

25% ක කාන්තා නියෝජනය නිසා පලාත් පාලන ආයතනයන් හි නියෝජිත සංඛ්‍යාව ඉහළ යන බව ඔවුන්ගේ ජනප්‍රිය තර්කය යි. අතිරේක ලැයිස්තුවකින් කාන්තා නියෝජනය තහවුරු කිරීමේ අනිවාර්ය ප්‍රතිඑලය සභික සංඛ්‍යාව ඉහළ යාමයි.  මේ සංශෝධනයට අත් දෙකම එසවූ පුද්ගලයින් එදා මේ කතාව නොදැන සිටි පිරිසක් ද? නැත.  සැබවින්ම අද, මැතිවරණ කල් දමා ගැනීම සදහා දත කට මදිමින් සිටින පිරිසක් අත කාන්තා නියෝජනය දංගෙඩියට යොමු වෙමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 5 වන ස්ථානයේ ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යි.  2006 සිට 2016 අතර වසර 10 පුරා ලෝකයේ ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාවය නරක ලෙසම බිදවැටුණු රාජ්‍යය ශ්‍රී ලංකාවයි.  2006 දී 13 වන ස්ථානයේ සිටි රටක් 2016 දී 100 වන ස්ථානය දක්වා වල්මත් කිරීමට පුරුෂ මුලික ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය හේතුවේ තිබේ.

සමානුපාතික ක්‍රමය යටතේ පලාත් පාලන මැතිවරණ පැවැත්වීම යනු 25% නීතිය ආපසු හැරවීමකි.  මැතිවරණයක් තරග කිරීමට අපේක්ෂකයින් සොයා ගත නොහැකිව සිටින දේශපාලන පක්ෂ, ඒ සදහා විකල්පය ලෙස දකින්නේ ලංකාව තව තවත් තිරසර සංවර්ධන ඉලක්කයන්ගෙන් ඈත් කරන 25% කපා දැමීමේ ව්‍යවහාරයකි.  ලංකා දේශපාලනයෙන් කාන්තාව ඈත් කරනු ලැබූවේ ප්‍රචණ්ඩත්වය, වංචා දුෂණ සදහා කාන්තා අනුග්‍රාහකත්වය නොලැබීම, දැවැන්ත මැතිවරණ ව්‍යාපාරය සදහා මුදල් හිගය වැනි දුෂ්ඨ විෂම චක්‍රය විසිනි.  එම විශම චක්‍රය තුලින් වාසි ලබන පිරිස් නැවත සමානුපාතික ක්‍රමයට රට ගෙනියන්න හදනවා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img