more
Image
නැවත සමානුපාතික ක්‍රමයට පලාත් පාලන මැතිවරණය ඉල්ලා සිටීම ඡන්දය කල් දමා ගැනීමේ ලැජ්ජා සහගත උපක්‍රමයකි
2017-02-21
icon
icon
icon

 පලාත් පාලන ඡන්ද විමසීමේ පනත නීතියක් බවට පත්වී වසර 5 කට පසුව පළාත් පාලන මැතිවරණය පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පවත්වන ලෙස ඉල්ලා සිටීම ඡන්ද කල් දමා ගැනීම සදහා වන නිර්ලැජ්ජිත උත්සාහයක් බව කැෆේ සංවිධානය පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සම්මත කර ගනු ලැබූවේ මෙයට වසර 5 කට ආසන්න කාලයකට පෙරය.  වසර පහක් පුරා කේවල කොට්ඨාශ ක්‍රමය යටතේ ඡන්ද පැවැත්වීමට සමුළු, වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වමින්, අපේක්ෂකයින් පුහුණු කරමින් ද සීමා නිර්ණය කමිටු සදහා සහභාගි වෙමින් ද සිටි දේශපාලන පක්ෂ කිහිපයක් හිටි හැටියේ පළාත් පාලන මැතිවරණය පරණ සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු නිවේදනයක් නිකුත් කොට ඇත. 

පලාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සදහා මේ වන විට ආණ්ඩු බලයේ සිටින දේශපාලන පක්ෂ විවිධ උපක්‍රම සොයමින් සිටින බව පැහැදිලිය.  පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය විසින් සිමා නිර්ණය යොදාගනිමින් මැතිවරණ කල් දැමීමේ උත්සාහයක නිරත විය.  පසුගිය සිකුරාදා (පෙබ. 17) සීමා නිර්ණය පිළිබද වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ප්‍රකාශ කළ නමුත් එය අද දක්වාම ප්‍රකාශයට පත් කොට නොමැත.
 
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයකට පලාත් පාලන මැතිවරණය කල් දමා ගැනීමට ඇති අවශ්‍යතාව මත පලාත් පාලන මැතිවරණය අහෝසි කොට ඒ වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමේ ලැජ්ජා සහගත උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ අභිලාෂය වී ඇත්තේ කුමන උපක්‍රමයක් මගින් හෝ ඡන්ද විමසීම කල් දමා ගැනීමට ය.
 
මේ වන විට රජය විසින් විවිධ හේතු ඉදිරිපත් කරමින් මාස 15 කට වැඩි කලක් පලාත් පාලන නියෝජිතයින් නොමැතිව පලාත් පාලන ආයතන පාලනය කොට ඇත.  එය සමාජයේ විශාල අර්බුද ගණනාවකට හේතු වී ඇති අතර ජාතික සහ පලාත් සභා මට්ටමේ දේශපාලනඥයින් පිරිසකට තම බල පරාක්‍රමය විහිදුවා ගැනීමේ අවස්ථාවක් බවට පත්ව ඇත. 

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img