Press Room
නව මැතිවරණ ක්‍රමයක දී ජාති භේද වලට ඉඩ නොතැබිය යුතුයි
2016-02-02 @
icon
icon
icon
caffe

1978 සිට  මේ දක්වා අත් විඳිමින් සිටින අර්බුධ සහ ගැටළු  එදා ව්‍යාවස්ථාවෙදි ගත්තු තීරණවල ප්‍රතිඵල බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා පවසයි. මෙවර ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ නම් එය  වසර 30 ක් හෝ 50 ක් පමණ  පමණ පිළිබඳ සිතා බලා තීරණය කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක  වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය දා  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  සනාතන මන්දිරයේ සෙනෙට් ශාලාවේදී  පැවති මැතිවරණ සංශෝධන පිලිබද විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. කැෆේ සංවිධානය, ලර්න් ඒෂියා ආයතනය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙම විද්වත් හමුව සංවිධානය කර තිබිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උපකුලපති වරයා කියා සිටියේ  ජනතා නියෝජනය  පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී  වාඩත් සැලකිලිමත් විය යුතු බවයි. විශේෂයෙන්ම ජාති කුල හෝ ආගම් වශයෙන් වර්ගීකරණය  නොකර ශ්‍රී ලාංකික යන පොදු අනන්‍යතාව මත පිහිටා කටයුතු  කිරීම පිලිබඳ සලකා බැලිය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.මේ නිසා මේ මොහොතේ වඩා නිවැරදි සහ සාධාරණ විසදුම තෝරා දීම විද්වතුන්ගේ වගකීමක් බව ද ඒ මහතා මෙහිදී  පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වු  කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටියේ  මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙන්ම යල් පැනගිය මැතිවරණ නීති පිලිබඳව ද විද්වතුන්ගේ අවධානය යොමුව ඇති බවයි. පහුගිය  මැතිවරණ වලදී අක්‍රමිකතා සහ දුෂණ සිදුකළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට  හැකියාව ලැබී නැති බව ද ඒ මහතා මෙහිදී කීය.මේ නිසා මැතිවරණ ක්‍රමයට සමගාමීව මැතිවරණ නීති රීති වෙනස් කිරීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජනතාව සහ බුද්ධිමතුන් රටක නීති සම්පාදනයට දායක නොවුනහොත් “අම්මෙක් අප්පෙක් නැති “ අණපනත් බිහිවීමේ  තත්වයක්  පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.එම පනත් විසින් ලංකාවේ සමාජය දැවැන්ත අර්බුධයකට ගෙන යමේ ඉඩකඩක් පවතින බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක,කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා,මහාචාර්ය රොහාන් සමරජීව , සීමා නිර්ණය කිරීමේ කොමිසමේ සභාපති අශෝක පීරිස්,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිසිර පින්නවල යන මහත්වරු මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.
 


Downlaod caffe
Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img