News
Image
උතුරේ මැතිවරණ ව්‍යාපාරය සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ ගීත හා ප්‍ර‍චාරක පාඨ යොදා ගන්නවා
2018-01-13
icon
icon
icon

 යාපනය, කිලිනොච්චි හා මුලතීව් දිස්ත්‍රික්කයන් හි දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් අපේක්ෂකයින් කිහිප දෙනෙකු සිය ප්‍ර‍චාරක කටයුතු සදහා ජාතිකවාදී හා එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත යොදා ගැනීම නවතා දමන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටී.

 
යාපනය ඥානම් ශාලාවේ පැවති ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ රැස්වීමක් ඇමතු කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.  
 
‘‘යාපනය, කිලිනොච්ච් හා මුලතීව් පළාත් පාලන ආයතන සදහා අපේක්ෂකයින් කිහිප දෙනෙකුම එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍ර‍චලිත කළ ගීත සිය මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්නා බව අප නිරීක්ෂණය කළා.  එල්ටීටීඊ  විමුක්ති ගීත මැතිවරණ ප්‍ර‍චාරයට යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ නීතිය ද උල්ලංඝන කිරීමක්.  මෙතැන සිටින සියලුම අපේක්ෂකයින්ගෙන්  හා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කරමින් මැතිවරණ ප්‍ර‍චාරක කටයුතු සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලනවා‘‘
 
උතුරු පළාතේ සමහර ප්‍රදේශවල පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ වසර 67 කට පසුවයි. ඡන්දයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක්  ජාතිකවාදී ගීත පමණක් නොවෙයි එල්ටීටීඊ සංවිධානය  මගින් ප්‍ර‍චලිත කළ ගීත පවා මැතිවරණ ව්‍යාපාරයට යොදා ගන්නවා.  මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කිරීම උතුරු පළාතේ පමණක් නොව රටේම ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ වගකීමක්  බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
 
මාධ්‍ය ඒකකය
 
කැෆේ සංවිධානය  - 2018 ජනවාරි 13 - යාපනය දී.

Post a new comment
Ampara District
   
Total 62
   
img
Anuradhapura District
   
Total 80
   
img
Badulla District
   
Total 93
   
img
Batticaloa District
   
Total 34
   
img
Colombo District
   
Total 369
   
img
Galle District
   
Total 76
   
img
Gampaha District
   
Total 119
   
img
Hambantota District
   
Total 96
   
img
Jaffna District
   
Total 69
   
img
Kalutara District
   
Total 62
   
img
Kandy District
   
Total 74
   
img
Kegalle District
   
Total 1
   
img
Kurunegala District
   
Total 122
   
img
Matale District
   
Total 41
   
img
Matara District
   
Total 66
   
img
Moneragala District
   
Total 16
   
img
Nuwara Eliya District
   
Total 66
   
img
Polonnaruwa District
   
Total 14
   
img
Puttalam District
   
Total 32
   
img
Ratnapura District
   
Total 160
   
img
Trincomalee District
   
Total 49
   
img
Vavuniya District
   
Total 40
   
img